Mediation Donation

1. 2019 ජනවාරි මාසයේ තිබූ ව්‍යපෘතියක් ලෙස මධ්‍ය අංශයේ ගුරුභවතුන්ගේ දායකත්වය හා සමථ ඒකකය භාර ආචාරවරුන්ගේ මැදිහත්වීමෙන් කු/ කටුවපිටිය විද්‍යාලය වෙත වටිනා ආධාර රාශියක් පිරිනැමීම සිදුවිය. එය ආදර්ශයට ගනිමින් සමථ ඒකකයේ සාමාජිකයින් විසින් මෙම ව්‍යාපෘතිය සැලැසුම් කර දියත් කරන ලදී.


 2. වර්ෂ 2019ක් වූ මැයිමස 17වන සිකුරාදා දින ප.ව. 12.50 සිට ප.ව. 1.30 දක්වා පාඨශාලීය මධ්‍ය අංශ පරිශ්‍රය තුළ පවත්වන ලද විද්‍යාලයීය සමථ ඒකකයේ සත්වන සභාවාරයේ යෝජනා ස්ථීරත්වය මත සම්මත කර ගන්නා ලදුව ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා සහිත පාසල් ඉලක්ක කර ගනිමින් පාසල් ලිපිද්‍රව්‍ය පිරිනැම සඳහා වූ මෙම ව්‍යාපෘතිය දියත් විණි . 


3. සත්වන සභාවාරයේ දී ඇතිවූ එකඟතාවය මත 2019.05.20 (සඳුදා) දින පවත්වන්නට යෙදුණ පන්ති නියෝජිත හමුව මඟින් වගකීම් පවරාදීම හා ව්‍යාපෘති සැලසුම් කිරීම සිදුවූ අතර , ඒ සඳහා නොපමා වම විදුහල්පතිතුමාගේ අනුමැතිය ලබාගැනීමට තීරණය විය. 


4. ඒ අනුව භාර ආචාර්ය තුමා විසින් විදුහල්පතිතුමා වෙත ඉදිරිපත් කරන ලද සමථ/2019/02 අංක දරණ ලිපිය මඟින් මෙම ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා ගැනිණි. එහි පිටපතක් සෑම අංශයකටම යොමු කිරීම තුළින් පාසල් පද්ධතිය තුළ ව්‍යාපෘති දියත් කෙරිණි. 


5. වගකීම් පවරන ලද අයවලුන් විසින් පන්ති මට්ටමින් අදාල කරුණු කාරණා දැනුවත් කළ අතර 6-11 ශ්‍රේණිවල සිසුන් මඟින් ආධාර එකතු කර ගැනීම 2019.06.03(සඳුදා) දින සිට ඇරඹිණී. (එකතු කරගන්නා ලද ආධාර පිළිබඳ දත්ත සමූහිතයන් මතු දැක්වේ.) 


6. සමථ ඒකකය භාර ආචාර්ය වරයාගේ නිර්දේශයමත 2019.06.10 වන දින ගරු විදුහල්පතිතුමන් වෙත යොමු කරන ලද සමථ/2019/03 අංක දරණ ලිපිය හරහා ඉලක්කගත මුල් පාසල් ත්‍රිත්වය සඳහා ආධාර බෙදාදීමට කටයුතු කිරීම සඳහා ඉදිරි පියවර පිළබඳව උපදෙස් ලබාගන්නා ලදී. 




7. 2019.06.12 දින මැද්දේගම ප්‍රාථමික විදුහල හා මඩවඋඩුමුල්ල කණිෂ්ට විද්‍යාලයද, 2019.07.03 දින උඩපොළ දෙමළ විද්‍යාලය හා මාවත්ත ප්‍රාථමික විද්‍යාලය යනාදී වශයෙන් අදියර 1 යටතේ ඉලක්ක ගතවූ පාසල් සඳහා ලිපිද්‍රව්‍ය ආධාර පිරිනැමීම සිදුවිය. 8. 2019.07.04 දින මෙම ව්‍යාපෘතිය නිමවීමේ වාර්ථාව සැකසීම තුළින් අදියර 1 නිම කරන ලදී.

Comments

Popular posts from this blog

What is the mediation